වෘතීය සමිති නායකයො වත්කම් බැරකම් ප්‍රකාශ නොදී මග හරිති .

වෘත්තීය සමිති නායකයින් මෙතෙක් වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදී නැති බව කම්කරු අමාත්‍යාංශය පවසයි. මේ පිළිබඳව වැඩි දුරටත් අදහස් දැක්වූ එම අමාත්‍යාංශයේ ලේකම් ආර්. පී. ඒ. විමලවීර පැවසුවේ, වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදෙන්නැයි වෘත්තීය සමිති නායකයින්ට පෙර දැනුම්දීම් කළ මුත් මෙතෙක් ඊට ප්‍රතිචාර ලැබී නැති බවයි .

වත්කම් බැරකම් පනතට අනුව රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතනවල වෘත්තීය සමිති නායකයින් සිය වත්කම් බැරකම් ප්‍රකාශ, කම්කරු අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ඉදිරිපත් කිරිම අනිවාර්ය වෙයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *