විමල්ගේ බිරිඳ මහින්දගේ කඩල බෙදයි.

වෙසක් උත්සවය නිමිත්තෙන් හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කඩල දන්සලක් පවත්වනු ලැබීය . විජේරාම පාරේ හිටපු අගමැති වරයා පදිංචිව සිටිනා නිවස ඉදිරියේ පැවැති මෙම කඩල දන්සලට දේශපාලන ක්ෂේස්ත්‍රයේ සැලකිවයුතු පිරිසක් සහභාගී වී සිටිනු දක ගත හැකි විය .

දන්සලට පැමිණි පිරිසට හිටපු අගමැති මහින්ද රජපක්ෂ ද කඩල බෙදීමට එක් විය. ඒ අවස්ථාවේ හිටපු අමාත්‍ය විමක් වීරවංශගේ බිරිඳ ශෂී වීරවංශද හිටපු අගමැතිවරයා සමග කඩල බෙදනු දැක ගත හැකි විය. ඉතා උනන්දුවෙන් දන්සලේ කටයුතු වලට දායක වූ ඇය දිගු වේලාව්ක් පැමිණෙ පිරිසට සංග්‍රහ කිරිමේ යෙදුනාය.

ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණි විමල් වීරවංශ පසුව එම පක්සයෙන් වෙන්වී ජාතික නිදහස් පෙරමුන පිහිටවාගත්තේය. අනතුරුව මහින්ද රාජපක්ෂ ජනාධිපති ධූරය දැරූ අවදියේදී ඔහුගේ ”දෑත් ශක්තිමත් ” කිරිමට එක්සත් ජනතා නිදහස් සංධාන හා එක්වු විමල් වීරවංශ දිගු කාලින රාජපක්ෂ වාදියෙකු විය.

2015 වසරේ පැවැති ජනාධිපතිවරණනයේදී මහින්ද රාජපක්ෂ පරාජයට පත්වූ අතර ඔහු යළි බලයට ගෙන එනුවස් ”මහින්ද සුළඟ” නිර්මාණය කිරිමට මුල් වූයේ ඔහුය. කෙසේ වෙතත් බැසිල් රාජපක්ස අමාත්‍යවරයා සමග මත ගැටුමක් සාදගත් ඔහු ජනාධිපති ඝෝඨාභය විසින් කැබිනට් මණ්ඩළයෙන් නෙරපනු ලැබීය.

මේ වන විටත් රාජපක්ෂ කඳවුර දැඩි විවේචනයකට ලක් කරමින් උත්තර ලංකා සභාගය සමග දේශපාලනය කරනා ඔහු නාමල් රාජපක්ෂ බ්‍රොයිලර් කුකුළෙකු බවත් ඔහුට කිසි දිනෙකත් මෙරට නායකත්වය හිමි නොවනු ඇති බවත් පැවසීය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *