තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය හමුවේ ඊයේ දිඅන්යේ යළි පෙනීසිටින ලෙස ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශට දැනුම්දීමක් සිදු කර තිබුණ ද ඔහු එම ඒකකය වෙත පැමිණ නැති බව වාර්තා වේ.
එම කැඳවීම හෝකන්දර ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසට දැනුම්දී තිබුනද ඔහු නොපැමිණි බව පොලිස් ආරංචි මාර්ග පවසයි .
සීනිමෝදර ප්‍රදේශයෙන් වාර්තා වූ මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබඳව තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය අත්අඩංගුවට ගත් පුවක්දණ්ඩාවේ සනා නමැති සැකකරු පිළිබඳව විමල් වීරවංශ ජනමාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශයක් පිළිබඳව විමසීමට ඊයේ පෙරවරු 10 ට එම ඒකකයට මෙලෙස ඔහු නැවත කැඳවා තිබූනි .
හිටපු අමාත්‍ය විමල් වීරවංශ ඉකුත් 09 වැනිදා ද තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට නීතිඥවරයකු සමඟ පැමිේඉකුත් 09 වැනිදා ද තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට පමිණ මෙ පිළිබඳව ප්‍රකාශයක් ලබා දී තිබිණි. එහෙත් ඔහු ලබාදුන් එම ප්‍රකාශයෙන් අනාවරණ කළ කරුණු ප්‍රමාණවත් නොමැති බැවින් ඔහු තංගල්ල අපරාධ විමර්ශන ඒකකයට ඊයේ දිනයේදීද කැඳවා ඇත .