විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක්

අධ්‍යනය පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ විද්‍යා විෂයධාරාව ඇතුළු විෂයන් 40ක පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු හෙට (15) සිට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

දිවයිනපුරා ඇඟයීම් මධ්‍යස්ථාන 39කදී ඇඟයීම් මණ්ඩල 519කදී පිළිතුරු පත්‍ර ඇඟයීමේ කටයුතු සිදුකරන බවත්, ජූලි මස 04 වනදා දක්වා නගර 18ක් ක්‍රේන්ද්‍ර කරමින් එම ඇගයිම් කටයුතු සිදුකිරීම සඳහා පාසල් අර්ධ වශයෙන් යොදා ගැනීමට සැලසුම් කර තිබෙන බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

තවද එම ඇගයීම් කටයුතු අවසන් වීමත් සමඟ උසස් පෙළ ඉංග්‍රීසි මාධ්‍ය පිළිතුරු පත්‍රවල ඇගයීම් කටයුතු ආරම්භ කිරීමට නියමිතය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *