ජනාධිපතිවරණයේදී විපක්ෂයේ පොදු අපේක්ෂකයා රොෂාන් රණසිංහ.

ලබන වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයෙදී විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස හිටපු ක්‍රීඩා සහ වාරි මාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ ඉදිරිපත්කිරීමේ සූදානමක් පවතින බව වාර්තා වේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණයට ඉදිරිපත්වන බව ප්‍රකාශකර තිබුනද ඔහු අවසාන මොහොතේ ඉන් ඉවත්වීමට බොහෝසේ ඉඩ ඇති බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ටයන් කිහිපදෙනෙක් සාකච්චා කර ඇත . එබැවින් විපක්ෂය වෙනුවෙන් පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීම හොඳම විසඳුම බව එම පිරිස තීරණය කර ඇති බව වාර්තාවේ.

සමීක්ෂණ වාර්තා අනුව විපක්ෂ නායකයාගේ ජනප්‍රිය බව වේගයෙන් පහත බසිනා නිසා ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට පසුබානා බව දැනගන්නට ඇත.

රොෂාන් රණසිංහ විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස පත්කිරීම ගැන දැනට පාර්ලිමෙන්තුවේ ස්වාධීනව කටයුතු කරනා ඩලස් පාර්ශවය ඇතුළු කණ්ඩායම් ගණනාවක් එකඟතාවය පල කර ඇති බව දැනගන්නට ඇත. හිටපු අමාත්‍යවරයාද එම යෝජනාවට එකඟතාවය පලකර ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

මේ අතර දේශපාලන පක්ෂයක් මිලට ගනීමට දේශපාලනඥයන් කිහිපදෙනෙක් උනන්දුවන බවත්, ඒ අයගේ අරමුණා රොෂාන් රණසිහ වෙනුවෙන් දේශපාලන පක්ෂයක් මිලට ගැනීම බවත් වාර්තා වෙයි.

අමාත්‍යංශයෙන් ඉවත්ව යන අවස්ථාවේදී හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහ මාධ්‍ය වේදීන් හමුවේ පවසා සිටියේ එලබෙන ජනාධිපතිවරනයෙන් ක්‍රිකට් ප්‍රශ්ණය විසඳන බවයි. ඔහු එවැනි ප්‍රකාශයක් කළේ මීළඟ ජනධිපතිවරණයට ඉදිරිපත්විමේ සූදානම් බව ඇඟවිමට බව දේශපාලන ආරංචි මාර්ග පවසයි..

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!