විපක්ෂ නායකගේ මෝඩ වැඩක් ගැන දයාසිරි රටටම කියයි

ශ්‍රී ලංකා ක්‍රිකට ආයතනය සම්බන්ධව උද්ගතව ඇති අර්බුදය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස ඉල්ලා විපක්ෂ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු කථානායක මහින්ද යාපා අබේවර්ධන වෙත යෝජනාවක් භාරදීමේ උත්සාහයක් අරඹා ඇතිබව වාර්තාවේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මාධ්‍යවෙත අදහස් දක්වමින් පැවසූවෙ මෙම යෝජනාවට මන්ත්‍රීවරුන් දස දෙනෙකු පමණ දැනටමත් අත්සන් කර ඇති බවයි. විමල් වීරවංශගේ නායකත්වයෙන් යුත් උත්තර ලංකා සභාගයේ මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පුරමගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම මෙම යෝජනාවට සහය පළ කරන බව ඔහු පවසයි.

මෙම යෝජනාව අපාර්ලිමේන්තුවර ඉදිරිපත්වූ අවස්ථාවේ තේරීම් කාරක සභාවක් යෝජනා කිරිම මෙම ප්‍රශ්නය අතුගා දැමීමේ උත්සාහයක් විය හැකි බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කළ ප්‍රකාශය ජයසේකර මන්ත්‍රීවරයා ප්‍රතික්ෂේප කළේය. එය විපක්ෂ නායකවරයාගේ මෝඩ අදහසක් යැයි ජයසේකර පැවසීය.

තේරීම් කාරක සභාවක් රජය විසින් ද පිළිගන්නා බව සභානායක ප්‍රසන්න රණතුංග සෙනසුරාදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ මුත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසූවේ එවැනි සභාවක් පත් කිටීම මගින් ප්‍රශ්ණය යට යනු ඇතිබවය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!