විධායකය සහ ව්‍යවස්ථා දායක සභාවේ මතබේදයෙන් අල්ලස් දූෂණ කොමිසම අක්‍රීය වෙයි.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහා සාමාජිකයින් පත් කිරීම මාසයකට ආසන්න කාලයක් ප්‍රමාද වීමට හේතුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සහ විධායකය අතර පවතින මතබේදය බව වාර්තා වේ.

අලුතින් සම්මත කරනා ලද දූෂණ විරෝධී පනතට අනුව ස්ථාපිත කෙරෙන කොමිෂන් සභාවට සාමාජිකයන් තිදෙනෙක් විධායකය විධායකය විසින් නම්කළ යුතුය . එහෙත් එලෙස ඉදිරිපත්කළ නම් අතරින් ව්‍යවස්ථාදායක සභාව විසින් අනුමත කර ඇත පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහාලේකම් නීල් ඉද්දවෙලගේ නම පමනක් බව වාර්තා වෙයි.

යෝජිත අනෙකුත් නාමයෝජනා දෙක සඳහා ව්‍යවස්ථාදායක සභාව එකඟව නැති අතර ඒ වෙනුවට වෙනත් නම් දෙකක් තවමත් සම්මත වී නැත. එම පත්වීම් ලබාදී නොමැති නිසා නව දූෂණ මර්දන පනත සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට නොහැකි වී තිබේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!