විදුලිබල මණ්ඩලයට ආසියානු සංවර්ධන බැංකුවේ සහය හිමිවේ

විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමට අවශ්‍ය මූල්‍ය සහ තාක්ෂණික සහය ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව කැමැත්ත පලකර ඇති බව වාර්තා වේ.

ඒ ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට ප්‍රධානියා සහ එම ආයතනයේ බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සමග විශේෂ සාකච්ඡාවක් ඊයේ පැවැත්වීමෙන් අනතුරුවය.

වර්තමානයේ සිදුකරමින් පවතින විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිලිවල, පුනර්ජනනීය බලශක්තිය ව්‍යාපෘති, විදුලිබල ක්ෂේත්‍රය නියාමනය, විදුලි ගාස්තු, විදුලිබල ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් සංවර්ධන කිරීම සහ පුනර්ජනනීය බලශක්ති සංවර්ධන සදහා ක්‍රියාත්මක කරන ණය ක්‍රම ගැන මෙහිදී සාකච්ඡා කෙරුණු බව අනාවරණය වේ.

එහිදී විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවලට තාක්ෂණික සහ මූල්‍යමය අනුග්‍රහයන් දැක්වීම මෙන්ම ඉදිරි වසර හතරක කාලය සදහා ණය ආධාර වෙන්කිරීම වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකු නියෝජිතයන්ට ඛනිජ තෙල් හා බලශක්ති අමාත්‍ය වරයාගේ ස්තුතිය පල කරනු ලැබීය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *