වැසිකිළි වලෙන් ගෑස් හදන්නගිය පුද්ගලයෙක් මරුට

ගාල්ල දිස්ත්‍රික්කයේ පිලාන ප්‍රදේශයේදී නිවසක පිහිටි සෙප්ටික් ටැංකියක් (වැසිකිළි වළක්) පුපුරා යාමේන් එක් පුද්ගලයෙක් මියගොස් අතිබව හබරාදූව පොලිසිය පවසයි . මෙලෙස මියගොස් ඇත්තේ පිලාන, වංචාවල පදිංචි 56 හැවිරිදි වියෙ පසුවන පුද්ගලයෙකි .

මෙම පුද්ගලයා විසින් වායුවක් නිපදවා ගැනීමේ අරමුණින් සෙප්ටික් ටැංකියට කාබයිට් වැනි රසායනික ද්‍රව්‍යයක් එක් කිරීමට උත්සාහ කර ඇත. එහිදී ඇතිවූ පීඩනය නිසා මෙම පිපිරීම සිදුව ඇති බවයි.

දැඩි ලෙස තුවාල ලැබූ ඔහු වහාම ප්‍රදේශවාසීන් විසින් රෝහල් ගතකළද ඒ වන විටත් ඔහු මියගොස් සිටිබව වාර්තා වෙයි .