පොලිස් මාධ්‍ය කොට්ඨාශය විසින් නිකුත් කරන ලස මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
මාධ්‍ය ඔස්සේ සංසරණය වන වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති විසින් පොලිස්පතිතුමා වෙතආරක්ෂාව සලසන ලෙස ඉල්ලා යොමු කර තිබූ ලිපිය සම්බන්ධව.
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර යන අය 2025.10.22 වන දින ප්‍රාදේශීය සභා නිල කාමරයේදී නාඳුනන පුද්ගලයෙකු විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වන ලදී.
මෙම මරණකරු ඔහුට ජීවිත තර්ජන ඇති බවත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ආරක්ෂාව සලසන ලෙසටත් ඉල්ලා පොලිස්පතිතුමා වෙත යොමු කරනු ලැබූ ලිපියක් මේ වන විට ප්‍රධාන මාධ්‍ය හා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී.
මෙම වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර යන අය ඔහුට ආරක්ෂාව සපයන ලෙස පොලිස්පතිතුමා වෙත 2025.09.06 වන දින ලිපියක් යොමු කර ඇති අතර එම ලිපියට අදාලව ඉදිරි අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා පොලිස්පතිතුමා විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දකුණු පළාත වෙත 2025.09.12 වන දින යොමු කර ඇත.
ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දකුණු පළාත විසින් ඉහත ලිපියට අදාලව නියෝජ්‍ය පොලිස්පති මාතර හම්බන්තොට දිසාව වෙත යොමු කර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මාතර මගින් මූලස්ථාන පොලිස් පරීක්ෂක වැලිගම හා ස්ථානාධිපති මිදිගම වෙත ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙස දැනුම් දී ඇත.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය.
එහෙත් සති අන්ත අනිද්දා පුවත්පතට ප්‍රකාශයක් කරමින් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසා ඇත්තේ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ නම IRC නාම ලේඛණයේ ඇති බැවින් ඔහුට පොලිස් ආරක්ෂාව ලබාදිය නොහැකි බවය.