වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ඝාතනය කළේ ලක්ෂ 15 කට

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර වෙඩි තබා ඝාතනය කර ඇත්තේ රුපියල් ලක්ෂ 15ක කොන්ත්‍රාත්තුවකට බව හෙළි වී ඇතැයි පොලීසිය පවසයි. ඝාතනයේ වෙඩික්කරු අත්අඩංගුවටගත් අවස්ථාවේ හෙළිකර ඇත්තේ මෙම ඝාතනය ‘ඩුබායි ලොක්කා’ගේ කොන්ත්‍රාත්තුවක් මත සිදුකළ බවය.

සිද්ධියේ වෙඩික්කරු ඇතුළු සැකකරුවන් 6 දෙනාගෙන් මේ වන විට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ප්‍රශ්න කරමින් සිටී.