වැල්ලවායේ රක්ෂිතයක ගින්නෙන් අක්කර 10 ක් විනාශයි

වැල්ලවාය, මල්වත්තාවල රක්ෂිතයේ ඊයේ පස්වරුවේ හටගත් ගින්න මේවනවිට සම්පූර්ණයෙන් මැඩපවත්වා තිබෙන අතර, වන රක්ෂිතයේ අක්කර දහයකට වඩා ගිනිගෙන විනාශවී ඇති බව වාර්තාවේ.

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වැල්ලවාය නගරය ආසන්නයේ ඇති මල්වත්තාවල රක්ෂිතයේ එම ගින්න හටගෙන තිබුණි.

වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන්, වැල්ලවාය වනසංරක්ෂණ කාර්යාලයේ නිලධාරීන් සහ ප්‍රදේශවාසින් එක්ව ගින්න සම්පූර්ණයෙන්ම මැඩපැවැත්වීමට සමත්ව තිබේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *