මඩකලපුව, වාලච්චේන නගරයට වල්අලි දෙදෙනෙකු කඩාවැදීම හේතුවෙන් අද (13) පෙරවරුවේ කලබලකාරී වාතාවරණයක් ඇතිවිය . එම වල් අලි දෙදෙනා සිදුකළ පහර දීමෙන් එක් කාන්තාවක් මරුමුවට පත්ව ඇත. තවත් සිව්දෙනෙක් තුවාල ලබා ඇත.
මියගිය කාන්තාව 68 හැවිරිදි වියේ පසුවූ අතර, ඇය ආහාර අලෙවි කරමින් සිටියදී මෙම වනඅලියාගේ ප්‍රහාරයට ලක්ව තිබෙනවා. එමෙන්ම මෙම ප්‍රහාරයෙන් තුවාල ලැබූ තිදෙනාද බරපතළ තුවාල ලබා ඇති බව සඳහන් වනවා.