වායු දූෂණය මඩින්න නවදිල්ලියට කෘත්‍රිම වැසි

නවදිල්ල අගනුවර වාතය පිරිසුදු කිරීමේ අරමුණින්, ලබන 20 සහ 21 යන දිනවල නවදිල්ලි අගනුවරට කෘත්‍රිම වැසි ඇද හැලමට සැලැස්වීමට දිල්ලි ප්‍රාන්ත රජය සූදානම් වෙයි.

දිල්ලි මහ ඇමැති, ආම් ආද්මී පක්ෂ නායක, අරවින්ද් කෙජ්රිවාල් මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ, සෞඛ්‍ය අමතයාංශය සහ කාලගුණ විද්‍යාඥයන් හවුල් කර ගනිමින්, සාකච්ඡා පවත්වා නවදිල්ලි අගනුවර වාතයේ ගුණාත්මකභාවය වැඩි කිරීමේ අරමුණින් මෙසේ කෘත්‍රිම වැසි ඇද හැලීමට සලස්වන බවය.

මේ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතිය අපේක්ෂා කරන බව ද දිල්ලි මහ ඇමැතිවරයා පවසා තිබේ. මේ වනවිට ලොව වායු දූෂණය අතින් ඉදිරියෙන්ම ඇත්තේ නවදිල්ලි අගනුවර යැයි පැවැසෙයි. වායු දූෂණය හේතුවෙන් නවදිල්ලියේ ප්‍රාථමික පාසලවලට නිවාඩු ලබා දී තිබේ

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *