ව්‍යවස්ථාදායක සභාව අද රැස්වේ

ව්‍යවස්ථාදායක සභාව අද (03) යළි රැස්වීමට නියමිත තිබෙන බව වාර්තා වේ.

අද පෙරවරු 09.30ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී ව්‍යවස්ථාදායක සභාව රැස්වීමට නියමිත අතර එහිදී මෙතෙක් සාමාජිකයින් පත්කර නොමැති ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකයින් පත්කිරීමට සැලසුම් කර ඇති බව සඳහන්ය.

කොමිෂන් සභා තුනක් සඳහා පමණක් නව සාමාජිකයින් පත්කර ගෙන ඇත. ඒ රාජ්‍ය සේවා කොමිෂන් සභාව, විගණන සේවා කොමිෂන් සභාව, ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව යන ඒවාය.

මෙතෙක් සාමාජිකයින් පත්කර නොමැති මැතිවරණ කොමිෂන් සභාව, පොලිස් කොමිෂන් සභාව, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඇතුළු කොමිෂන් සභා සඳහා සාමාජිකයින් පත්කිරීමට නියමිතව තිබේ.

එමෙන්ම අදාළ පත්කිරීම් සියල්ල මෙම සතිය තුළ අවසන් කිරීමට නියමිත ය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *