වසර විසිපහකට පසු මහින්දයෙන් ශතකයක්

මහින්ද – රිච්මන්ඩ් ආදරවන්තයින්ගේ මහා ක්‍රිකට් සංග්‍රාමයේදී වසර විසිපහකට පසුව මහින්ද විද්‍යාලයීය කණ්ඩායමේ ක්‍රීඩකයෙක් ශතයක් වාර්තා කර තිබේ.

මෙසේ ශතකයක් ලබාගෙන ඇත්තේ ඉදුවර බණ්ඩාර විසිනි

ඉදුවර බණ්ඩාර තමන්ගේ පිත්තෙන් ලකුණු 101ක් රැස් කළ අතර ඒ සදහා ඔහු පන්දු 129කට මුහුණදී තිබුණි. ඔහුගේ ඉනිමට හතරේ පහර 8ක් සහ එක් හයේ පහරක් ඇතුළත් විය.

රිච්මන්ඩ් විද්‍යාලයීය පන්දු යවන මල්ෂා තරුපතිගේ පන්දුවකට, කඩුල්ල ආවරණය කිරීමේ වරදට ඔහු දැවී ගියේය.

අද දිනයේදී කාසිය වාසිය දිනූ රිච්මන්ඩ් විද්‍යාලයීය කණ්ඩාය මුලින්ම පන්දු යැවීමට තීරණය කළ අතර මහින්ද විද්‍යාලයීය කණ්ඩායම පන්දුවට පහර දෙමින් සාර්ථක ආරම්භයක් ලබාගත්තේය. පළමුවෙන් පන්දුවට පරදීමට පැමිණි දිනුර කලුපහන අර්ධ ශතයක් වාර්තා කළ අතර ඔහු දැවී යන විට ලකුණු 75ක් ලබා සිටියේය.

මේ වන විටත් මහින්ද විද්‍යාලයීය ක්‍රීඩකයින් පන්දුවට පහර දෙමින් සිටින අතර කඩුලු හතක් දැවී ලකුනු 316ක් රැස් කරගෙන තිබේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *