වසන්ත කරන්නාගොඩට ඇමරිකාව තහනම්

වයඹ පළාත් ආණ්ඩුකාර, හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ෆ්ලීට් වසන්ත කරන්නාගොඩට රටට ඇතුළුවීම වළක්වාලමින් අමෙරිකා එක්සත් ජනපදය විසින් තහනම් නියෝගයක් පනවා ඇත.

ඔහු නාවික හමුදාවේ සේවය කළ කාල සීමාව තුළදී සිදුකළ බවට චෝදනා එල්ලවී ඇති මානව හිමිකම් උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් මෙම තහනම පනව ඇති බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

නිවේදනයක් නිකුත් කරමින් අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටෝනි ජේ. බ්ලින්කන් පෙන්වා දෙන්නේ වසන්ත කරන්නාගොඩ සහ ඔහුගේ බිරිඳ ශ්‍රීමතී අශෝකා කරන්නාගොඩ යන දෙදෙනාටම අදාලව එම තහනම පනවා ඇති බවය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *