වසංගත රෝග ව්‍යාප්තිය ඉහළට

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග වසංගත රෝග ව්‍යාප්තිය ද ඉහළ යමින් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි.

එමෙන්ම ළමුන් අතර පාචනය, ඉන්ෆ්ලුවන්සා වැනි රෝග තත්ත්වයන් ඉහළ යාමක් දක්නට ලැබෙන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසයි.

වර්ෂාවත් සමග මැස්සන් වැනි සතුන්ගේ බෝවීම ඉහළ යාම මෙම රෝගී තත්ත්වයන්ට හේතු වී ඇති බවත් කුඩා දරුවන් මෙවැනි රෝගවලින් ආරක්ෂා කරගැනීම සඳහා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කිරීම ඉතා වැදගත් බව ද වෛද්‍ය දීපාල් පෙරේරා ප්‍රකාශ කළේය.

මේ අතර මී උණ රෝගීන් වාර්තා වීම ද ඉහළ මට්ටමක පවතින බව සෞඛ්‍ය අංශ වාර්තා කරයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කළේ මේ පිළිබඳව ජනතාව වැඩි අවධානයක් යොමුකළ යුතු බවය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *