වලපනේ ප්‍රාදේශීය රෝහලේ නායයෑමෙන් ජීවිතක්ෂයට පත් 11 දෙනෙකුගේ සිරුරු ඇති බව වාර්තා වේ .
මේ පිළිබඳව අදහස් දක්වන මයිලගස්තැන්නේ ධම්මදින්න හිමියෝ වලපනේ ප්‍රදේශයට ඇතුලුවන සියලුම ප්‍රධාන මාර්ග සහ අතුරු මාර්ග සියල්ල නාය ගොස් ඇති නිසා සහන කණ්ඩායම්වලට වලපනේට පැමිණීමට නොහැකි තත්වයක් උද්ගත වී ඇති බව පවසති . එහෙයින් වගකිවයුතු පාර්ශව මැදිහත් වී රෝහලට අවශය පහසුකම් ලබා දිය යුතු බවත්, නොඑසේනම් එහි කොටුවී සිටිනා ජනතාව බරපතල සෞඛ්‍ය අරබුදයකට ලක්විය හැකි බවත් පැවසූහ
වලපනේ ප්‍රදේශයේ දුරකථන සහ විදුලිය බලය නොමැති බවත්, ඒ අනුව තම ප්‍රදේශයෙ තොරතුරු රටට ලබා දීම සදහා පා ගමනින් පැමිණ සමජ මාධ්‍ය ඔස්සේ මේ තොරතුරු ලබාදුන් බවත් උන්වහන්සේ පැවසූහ.
ආරක්ෂක අංශ නිළධාරින්ගේ කපවීම අගය කළ උන්වනහ්සේ මේවන විටත් ආරක්ෂක අංශ වලපනේ ප්‍රදේශයට පිවිසෙන මාර්ග යථා තත්වයට පත් කිරිමේ කටුතු ආරම්භ කර ඇති බවද පැවසූහ .