වරායේ පිවිසුම අසළ වෙඩි තැබීමක් 9 ක් ජාතික රෝහලට

කොළඹ වරායේ 6 වන ගේට්ටුව ආසන්නයේදී මාර්ග සංවර්ධන වැඩබිමක සේවයේ නිරත පෞද්ගලික ආරක්ෂක නිලධාරීන් හා ගම්වාසීන් පිරිසක් අතර සිදු වූ ගැටුමකින් තුවාල ලැබූ 9 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ

එමෙන්ම එහිදී වෙඩි තැබීමක් ද සිදුව ඇති බව වාර්තා වේ.

මාර්ග සංවර්ධන වැඩබිමේ යකඩ සොරකම් කිරීමට පැමිණි දෙදෙනෙකු ප්‍රශ්න කිරීමට යාමේදී ගම්වාසීන් පිරිසක් එහි පැමිණීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇති වී ඇති අතර තුවාල ලබා ඇත්තේ, බ්ලූමැන්ඩල් වත්ත ප්‍රදේශයේ පදිංචි පිරිසකි.

තුවාල ලැබූවන් අතරට කාන්තාවන් 04 දෙනෙකු ද ඇතුළත් ය.

පොලීසිය පැවසුවේ, එක් කාන්තාවක් ප්‍රතිකාර ලබා මේ වනවිට පිටව ගොස් ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් වෙරළබඩ පොලීසිය මගින් වැඩිදුර විමර්ශන සිදු කරයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *