වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය ජනිත් රුවන් කොඩිතුවක්කු මහතා සමඟ ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) ප්‍රවාහන අංශයේ නියෝජිතයින් කණ්ඩායමක් විශේෂ හමුවක් 29/10/2025 දින අමාත්‍ය කාර්යාලයේදී පැවැත්වූහ.
මෙම හමුවට එක් වූ ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා දූත මණ්ඩලයේ දේශීය අධ්යක්ෂ තකෆුමි කඩෝනෝ (Mr.Takafumi Kadono ) ශ්‍රී ලංකා වරාය ක්ශේත්‍රයට පසු ගිය වසර ගනනාවක ලබා දුන් සහයෝගීතාවන් සිහිපත් කලේය. එමෙන්ම ආසියානු සංවර්ධන බැංකුවේ දිගුකාලීන හවුල්කාරීත්ව නැවත තහවුරු කිරීමද මෙම හමුවේ විශේෂත්වයක්.
අනුර කරුණාතිලක අමාත්‍යවරයාගේ නව තනතුරේ රාජකාරී භාර ගැනීම පිළිබඳව සුභ පැතුම් එක් කළ තකෆුමි කඩෝනෝ , ශ්‍රී ලංකාවේ සමුද්‍රීය හා ප්‍රවාහන සංවර්ධන කාර්යයට සහය දැක්වීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ කැපවීමද නැවත අවධාරණය කලේය. 1970 වසර කාලයේ සිට ප්‍රවාහන ව්‍යාපෘති වල සිට බටහිර බහාලුම් පර්යන්තයේ දෙවන අදියර දක්වා වු ඉංජිනේරු සැලසුම් සඳහා අඛණ්ඩ මූල්‍ය ආධාර සැපයීම ගැන ද සිහිපත් කෙරින.
ජාතික වරාය ප්‍රධාන සැලැස්ම යාවත්කාලීන කිරීම සඳහාත්, බටහිර බහාලුම් පර්යන්තයේ දියකඩනය ඉදිකිරීම සඳහාත්, ආසියානු සංවර්ධන බැංකුවේ ඉදිරි සහයෝගය සඳහා වෙන් කර ඇති රාජ්‍ය මූල්‍යකරණය පිළිබඳවද ඔහු අදහස් දැක්වීය.
මෙම හමුවේදී විෂයභාර අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ වරාය සහ ප්‍රවාහන යටිතල පහසුකම් සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ අඛණ්ඩ දායකත්වය වෙනුවෙන් කෘතඥතාව පල කල අතර රජය වෙනුවෙන් තබා ඇති විශ්වාසනීය බව අගය කලේය. එමෙන්ම ඉදිරි වසර වලදී සමුද්‍රීය අංශයන් සඳහා උපරිම සහයෝගය බලාපොරොත්තු වන බවද ප්‍රකාශ කලේය. මැනිලා හී ආසියානු සංවර්ධන බැංකුවේ මූලස්ථාන කාර්ය මණ්ඩලයද මාර්ගගතව මෙම අවස්ථාවට එක් වු අතර අමාත්‍යාංශ නිලධාරීන් ද සහභාගි වූහ.