වරද කරපු අය වගකීම ගන්න..වෙන අයගේ ඇඟේ යවන්න එපා – ෆොක්ස් හිල් උණුසුම් වෙයි

ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් තරගාවලියේදී අනතුරට අදාළව ධාවකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම අසාධාරණ බව සුපර්ක්‍රොස් ධාවකයින්ගේ සංගමය පෙන්වා දෙනවා.

සුපර්ක්‍රොස් ධාවකයින් කැඳවා තිබූ හමුවකින් අනතුරුව සංගමයේ අනුශාසක සජාජ් ජුහේර් මෙලෙස සඳහන් කර තිබෙනවා.

“ධාවන පථය ආරක්ෂාකාරීව සෑදීම සහ නරඹන්නන් කළමණාකරණය කිරීම සංවිධායකයින් සතු කාර්යයක් අපට ඒකෙදි මොකුත් කරන්න බැහැ අපිට කරන්න තියෙන්නේ රේස් කාර් එකේ නැගලා රේස් කරන්න රියදුරන්ව අත්අඩංගුවට ගැනීම හරිම අසාධාරණයි පොලීසියෙන් කියන්නේ කහ කොඩියට අවනත නොවීම කියලයි අපි කහ කොඩිය දැක්කම වේගය පාලනය කරගත යුතුයි එකපාරට කොඩිය පෙන්නුවාට පාලනය කරගන්න බැහැ කලින් කාර්එක පෙරලුන වෙලාවේ රතු කොඩිය යොදන්න තිබුණා කාර් හැප්පුනේ පාරෙන් එළියට ගිහින් නෙවෙයි කාර් හැප්පුනේ ට්‍රැක් එකේදි කට්ටිය ට්‍රැක් එකේ හිටපු එකේ වරදක් මිස රියදුරන් එළියට ගියේ නැහැ ජීවිත නැතිවීම ගැන අපිට හරිම දුකයි මේකට වගකියන්න ඕන රියදුරන් නෙවෙයි වරද කරපු අය වගකීම ගන්න – වෙන අයගේ ඇඟේ යවන්න එපා”

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!