වයඹ හිටපු මහ ඇමති “සජබ” සමග එක්වේ

වයඹ පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහය දැක්වීම සඳහා සමගි ජන බලවේගයට එක් වී තිබෙනවා.

ඔහු වයඹ පළාත් මහ ඇමතිවරයා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පත් කළ අතර වයඹ පළාත් සභාව අහෝසි වන තුරුම එහි මහ ඇමතිවරයා ලෙස ඔහු කටයුතු කරනු ලැබුවා. දිසානායක මහතා බිංගිරිය ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සංවිධායක ධුරයේ ද කටයුතු කරනු ලැබුවා.

එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක සමන්ත ප්‍රදීප් කුමාර මහතා ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ දේශපාලන ගමනට සහාය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය සමග එක් වුණා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!