වනිඳුට උන්හිටි තැන් අහිමි වෙයි

විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ තුන් ඉරියව් ශ්‍රේණගත කිරීම්වල පෙරමුණ ගෙන සිටි ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායම් නායක නායක වනිඳු හසරංග තෙවැනි ස්ථානය දක්වා පහත බැස තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය ඊයේ (12) නිකුත් කළ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුවයි මෙම ප්‍රතිඵල ලබා දී ඇත්තේ.

ඇෆ්ගන් ක්‍රීඩක මොහොමඩ් නබී තුන් ඉරියව් ක්‍රීඩකයන් අතර පෙරමුණ ගැනීමට සමත්ව තිබෙනවා. පෙර ශ්‍රේණිගත කිරීම්වලට අනුව මොහොමඩ් නබී සිටියේ තෙවන ස්ථානයේයි.

ඉහළින්ම සිටි බංග්ලාදේශයේ ශකීබ් අල් හසන් ස්ථාන වැටී 5 වැනි ස්ථානයට පත්ව තිබෙනවා.

ඔස්ට්‍රේලියා කණ්ඩායමේ මාකස් ස්ටොයිනිස් ස්ථාන 3ක් ඉදිරියට පැමිණි දෙවැනි ස්ථානය හිමි කර ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා පිල සහභාගී වූ තරග ද්විත්වයේ දී පිතිකරණයෙන් දස්කම් දැක්වීමට අසමත් වූ වනිඳු හසරංග පළමු තරගයේ දී පන්දු 2කටත්, දෙවැනි තරගයේදී එක් පන්දුවකටත් මුහුණ දෙමින් ලකුණු නොලබා දැවී ගියා.

ඒ හේතුවෙන් තුන් ඉරියව් ක්‍රීඩකයන් අතරේ ඔහු පහත වැටුණත් තරග දෙකේදී කඩුලු 4ක් බිඳ දමමින් පන්දු යවන්නන් අතර දෙවැනි ස්ථානය රැක ගැනීමට සමත්ව සිටිනවා.

නවතම ශ්‍රේණිගත කිරීම් සහිත වාර්තාවට අනුව මහීෂ් තීක්ෂණ කඩුලු දවා ගැනීමට අසමත් වීමෙන් 6 වැනි ස්ථානයේ සිට ස්ථාන 3ක් පහත බැසීමට සිදුව තිබෙනවා.