වතුපිටිවල රෝහලේදී සිදුවූ මව සහ බිළිඳාගේ මරණ ගැන පරීක්ෂණ.

වතුපිටිවල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 22 හැවිරිදි මවක් සහ ඇයගේ අලුත උපන් දරුවාගේ මරණය සැක සහිතබව පවුලෙ ඥාතීන් පොලිසියට පැමිණිළි කර ඇත.

පසුගිය 18 වැනිදා සිය පළමු දරු ප්‍රසූතිය සඳහා සිසේරියන් සැත්කමකට මුහුණ දුන් එම කාන්තාව සැත්කමින් සුළු මොහොතකට පසු මියගොස් ඇත. ඊට සුළු මොහොතකට පසු
ඇය බිහිකළ බිළිඳාද මියගොස් අත .

මියගිය මවගේ සහ දරුවාගේ ඥාතීන් ඔවුන්ගේ මරණයට හේතු වූ තත්ත්වය පිළිබඳව සැක පලකරමින් ඒ පිළිබදව නිට්ටම්බුව පොලිසියට පැමිණිළි කර ඇත . ඒ අනුව අධිකරණ නියෝගයකට අනුව පස්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතව ඇතිබව රෝහල් ආරංචි මාර්ග පවසයි.