ලෝක සාගර දිනය යනු වාර්ෂිකව ජුනි 8 වන දින පැවැත්වෙන ජාත්‍යන්තර දිනයකි . මෙවර එහි තේමාව වන්නේ ”වෙනස්වන පෘථිවි සාගරය” යන්නයි.
මෙම සංකල්පය මුලින් 1992 දී කැනඩාවේ සාගර සංවර්ධනය සඳහා වූ ජාත්‍යන්තර මධ්‍යස්ථානය (ICOD) සහ කැනඩාවේ සාගර ආයතනය (OIC) විසින් බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ හි පැවති පෘථිවි සමුළුව – පරිසරය සහ සංවර්ධනය පිළිබඳ UN සමුළුවේදී (UNCED) යෝජනා කර, “ලෝක සාගර දිනය” 2008 දී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිල වශයෙන් පිළිගනු ලැබීය. ඒ අනුව වර්තමානයේ දී සාගර දිනය සමරනු ලැබේ.
ජෛව පද්ධතියේ ප්‍රධානතම අංගයක් වන සාගරය ජීවීන් බොහෝ ප්‍රමාණයකට නිජබිම වේ. සාගර සත්වයින් හැරුණුකොට සාගරයෙන් ප්‍රයෝජන ලබන මානවයා සාගරයේ ප්‍රධානතම විනාශ කරුවා ද වී ඇත.
සාගර පද්ධතිය මුහුණ පා ඇති ප්‍රධානතම තර්ජනය වන්නේ, ප්ලාස්ටික් පොලිතින් ඇතුළු විවිධ අපද්‍රව්‍ය සාගරයට මුදා හැරීමයි.
වාර්ෂිකව සමස්ත ලෝකයේ සාගර පද්ධතියට එක්වන ප්ලාස්ටික් හා පොලිතීන් ප්‍රමාණය ටොන් මිලියන 8.8 කි.
එමෙන්ම ශ්‍රී ලංකා මුහුදු කලාපයට වාර්ෂිකව මුදාහැරෙන අපද්‍රව්‍ය ප්‍රමාණය ටොන් මිලියන 0.24 ත් 0.64 ත් අතර වේ.
මීට වසර දෙකකට පෙර එක්ස්ප්‍රස් පර්ල් නෞකා විනාශය සමග මුහුදට එකතුවුණ ප්ලාස්ටික් පබලු ප්‍රමාණය මෙට්‍රික් ටොන් 1680 කි.
මෙම වර්ෂයේ සාගර දිනය සැමරීම වෙනුවෙන් අපගේ සාගර පද්ධතිය රැකගැනීමට කටයුතු කිරීම බලධාරීන්ගේ මෙන්ම පුරවැසි වගකීමක් ද වන බව කිව යුතුය.