ලෝක ශ්‍රවණාබාධිත ක්‍රිකට් ශූරතාවය පාකිස්ථානය දිනාගනී

ඩුබායිහීදී ඊයේ නිමාව දුටු ලෝක ශ්‍රවණාබාධිත 20 – 20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය පාක්ථානය විසින් දිනාගන්න ලදි. පාකිස්ථනය සමග අවසන් තරගයට මුහුණ දුන් ශ්‍රී ලංකා පිලේ දුර්වල පිතිහරඹය නිසා පාකිස්ථානයට පහසු ජයක් හිමිවිය.

මුලින් පන්දුවට පහර දුන් පාකිස්ථාන පිල සිය ඕවර 20 තුළ කැඩුළු 6 ක් දැවී ලකුණු 151 ලබාගන්න ලදි. මොහොමඩ් බසීට් අබ්බාසි පන්දු 48 ක් තුළ ලකුණු 62 ක් ලබා ගන්නා ලදි. පන්දු යවීමේදී ශ්‍රී ලංකා නායක ගිමන්දු මැල්කම් ලකුණු 17 ට කඩුළු 1.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා පිල ඕවර 16.5 ක් තුළ ලකුණු 63 කට දැවී යන ලදි. උදය ලක්මාල් 16, ගිමන්දු මැල්කම් 13. පන්දු යවීමේදී මන්සුර් ඛාන් ලකුණු 13 ට කඩුළු 3 යි.

තරගාවලියේ වීරයා ශ්‍රී ලංකාවේ ගිමන්දු මැල්කම්.