ලෝක කුසලාන තරගවලියෙදීත් ශ්‍රී ලංකා පිලේ නායකත්වය දසුන් ශානකට හිමිවෙයි

අවශ්‍ය නම් ජාතික ක්‍රිකට් එක්දින ක්‍රිකට් නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තමා සූදානම් බව ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක පවසයි. ඔහු මේ බව සඳහන් කර ඇත්තේ ඊයේ දිනයේ ක්‍රිකට් ආයතනයේ පැවැති සාකච්චාවකදිය.

ඉතා දීර්ඝ වෙලාවක් පැවති මෙම සාකච්චාවේදී ශ්‍රී ලංකා නායකයා තම පිතිකරන හැකියාව වර්ධනය කර ගැනීමේ හැකියාව තේරීම් කමිටුව හමුවේ අවධාරණය කර ඇත.

කෙසේ වෙතත් ක්‍රිකට් තේරීම් කමිටුව දසුන්ගේ ඉල්ලා අස්වීමේ ප්‍රකාශය සැලකිල්ලට නොගෙන එළැඹෙන එක්දින ලෝක ශුරතා තරගාවලියේ දී ද ශ්‍රී ලංකා කණ්ඩායමේ නියකත්වය දසුන් ශානකට පැවරීමට තීරණය කර ඇතිබව වාර්තා වේ.

කණ්ඩායමේ පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ්ද දසුන් ශානක තව දුරටත් ශ්‍රී ලංකා පිල මෙහෙයවිය යුතු බව ඊයේ අවධාරණයකර තිබුනි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *