ලෝක ආහාර දිනය අදයි

එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර දිනය අදට (16) යෙදේ.

මෙම වසරේ ලෝක ආහාර දිනයේ තේමාව වන්නේ “ජලය ජිවය සැපයීමයි” යන්නයි

රටක ආහාර සුරක්ෂිතතාවය පවත්වා ගැනීම සඳහා එකිනෙකට සම්බන්ධ මූලිකාංග හතරක් පිළිපැදිය යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි එනම්,

  1. රටපුරා සැමවිටම හිඟයකින් තොර ප්‍රමාණවත් භෞතික ආහාර තොග පවත්වා ගැනීම
  2. සියලු‍ ආහාර වර්ග මහජනයාට මිලදී ගත හැකිවන පරිදි මිල මට්ටම පවත්වා ගැනීම
  3. ගෘහස්තයක සිටින සියලු‍ දෙනාගේම පෝෂණ අවශ්‍යතා ඉටුවන පරිදි ආහාර ලබාගැනීමේ හැකියාව පවත්වා ගැනීම
  4. අඛණ්ඩ ස්ථාවර ආහාර සැපයුම් දාමයක් පවත්වා ගැනීම
    යන කරුණු වේ.

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මෙම වසරේ තේමාව ශ්‍රී ලංකාවට විශේෂයෙන් වැදගත් වන බවයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *