ලොව වයස්ගතම නොබෙල් ත්‍යාගලාභියා මියයයි

විප්ලවීය සොයාගැනීමක් ලෙස සැලකෙන ලිතියම් අයන් කෝෂයේ නිර්මාතෘවරයා ලොව වයස්ගතම නොබෙල් ත්‍යාගලාභියා වන ජෝන් ගුඩ්ඉනෆ් මියගොස් තිබේ.

මියයන විට 100 වැනි වියේ පසුවූ ජෝන් ගුඩ්ඉනෆ් සැලකෙන්නේ, ලොව වයස්ගතම නොබෙල් ත්‍යාගලාභියා ලෙසය.

ගුඩ්ඉනෆ් ගේ මරණය දැනුම් දුන්නේ අමෙරිකාවේ ටෙක්සාස් විශ්වවිද්‍යාලය විසිනි.

ලොවපුරා භාවිතයේ ඇති විදුලියෙන් ක්‍රියාත්මක වන රථවාහනවලට යොදන ලිතියම් අයන් කෝෂය නිර්මාණය කෙරුණේ ගුඩ්ඉනෆ් ගේ සංකල්පයක් අනුවය.

ඒ සම්බන්ධයෙන් 2019 වසරේදී ඔහු රසායන විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබීය.

එවක ඔහුගේ වයස අවුරුදු 97ක් වූ අතර, එහිදී නොබෙල් ත්‍යාගයක් දිනාගත් ලොව වයස්ගතම පුද්ගලයා ලෙස ඔහු ඉතිහාසයට එක්වුණි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *