king khan ලොව ධනවත්ම නළුවන් අතරේ

ලොව ධනවත්ම නළුවන් 10 දෙනාගේ ලැයිස්තුවේ මුල් නළුවන් සිවු දෙනාගෙන් කෙනකු වන්නේ බොලිවුඞ් රජු ෂාරුක් ඛාන් බව විදෙස් මාධ්‍ය පවසයි.

ෂාරුක් ඛාන්ගේ වත්කම ඇමෙරිකන් ඩොලර් මිලියන 770 ක් බව ද පැවැසෙයි.

අවසන් වරට ෂාරුක් රංගනයෙන් දායක වූ ‘පඨාන්’ සහ ‘ජවාන්’ ඉහළ ආදායමක් ඉපැයූ බෝක්ස් ඔෆිස් වාර්තා පිහිටුවූ බොලිවුඞ් සිනමා නිර්මාණයන්ය.

ෂාරුක්ගේ මීළඟ සිනමා නිර්මාණය වන්නේ, ප්‍රහසන චිත්‍රපටයක් වන ‘ඩුන්කි’ ය. ඩුන්කි රාජ්කුමාර් හිරානිගේ අධ්‍යක්ෂණයකි. චිත්‍රපටය දෙසැම්බර් 22 වැනිදා තිරගත වීමට නියමිත බව පැවැසෙයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *