ලලිත් කොතලාවල ප්‍රාණඇප කරුවෙක් ලෙස තබාගෙන ඔහුගේ දේපොළ ලියාගත්තා

ප්‍රකට ව්‍යාපාරිකයෙකු මෙන්ම සෙලින්කෝ සමාගමේ හිටපු සභාපති ලලිත් කොතලාවල එක්තරා කණ්ඩායමකගේ ප්‍රාණ ඇපකරුවෙක් බවට පත්ව ජීවිතයේ අවසන් කාලය ගෙවූ බව ඔහුගේ නෑන වන ශිරීන් විජේරත්න කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවසීය . ව්‍යපාරික ලලිත් කොතලාවලගේ මරණ පරීක්ෂණය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී සාක්ෂිකාරිය මේ බව අනාවරණය කළේය.

ලලිත් කොතලාවලගේ නිදහස් ගමන් බිමන් සීමා කරමින් එම පිරිස විසින් ඔහු ප්‍රාණ ඇපයට තබාගෙන සිටි බවත්, නීතීඥයින් ඇතුළු පිරිසක් ඔහු බිය ගන්වා මානසික අවපීඩනයකට ඇද දැමූ බවත් ශිරීන් විජේරත්න අධිකරණය හමුවේ ප්‍රකාශ කළාය.

“ඔහුගේ නිදන කාමරයේ සිට ඔහුගේ කාර්යාලයේ බෝඩ් රූම් දක්වා අඩි දහයක් පමණ ගමන් කිරීමට අවසර දී තිබූ බවත්, එම කණ්ඩායම ලලිත් කොතලාවලට උරුම වූ දේපළ ඇතුළු වටිනා දේපළ ඔවුන්ගේ නම්වලට ලිවීමට ඔහුව හසුරුවා ගත්තා,” යයි ඇය පැවසුවාය.

ෂැනන් තිලකරත්න සමඟ නීතිඥ හෆීල් ෆාරිස් කොතලාවල පවුල වෙනුවෙන් පෙනී සිටියහ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *