ලංකාවේ පුරවැසිභාවය ගන්න ඕන නම් මේ ගැසට් පත්‍රය බලන්නම වෙයි

මෙරට පුරවැසිභාවය අත්හැර දැමූ අය ඇතුළු ශ්‍රි ලාංකික සම්භවයක් සහිත පුද්ගලයින්ට සහ විදේශීය කාලත්‍රයන්ට ස්ථිර පදිංචිය ලබාගත හැකිවන පරිදි නව රෙගුලාසි ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා

එම ගැසට් පත්‍රය නිකුත් කර තිබෙන්නේ මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින්.

ඒ අනුව ශ්‍රි ලාංකික සම්භවයක් සහිත පුද්ගලයෙකු හෝ පුරවැසි පනත යටතේ මෙරට පුරවැසිභාවය නතර වී ඇති පුද්ගලයන්ට මෙන්ම ශ්‍රී ලාංකික පුරවැසියෙකු සමග විවාහ වී සිටින විදේශීය කාලත්‍රයෙකුට ද මෙරට පුරවැසිභාවය සඳහා අයදුම් කිරිමට මෙම නව රෙගුලාසි යටතේ අවස්ථාව හිමි වෙනවා.

මේ යටතේ අයදුම්පත්‍රයක් ඉදිරිපත් කරන ප්‍රාථමික අයදුම්කරුවෙකු සදහා ඩොලර් 1,000ක ගාස්තුවක් අයකරන බවත් ශ්‍රි ලාංකික නොවන කාලත්‍රයෙකු සඳහා මෙන්ම ළමුන් සදහා ද ඩොලර් 400ක ගාස්තුවක් අය කෙරෙන බව එහි සඳහන්.

2024 මැයි මස 7වන දිනැති අංක 2383 / 17 දරණ ගැසට් පත්‍රය මගින් මීට අදාළ අයදුම් පත්‍රය ඉදිරිපත් කර තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!