ලංකාවේ කාන්තාවක් නිර්මාණය කළ විශාල තොරණ මෙන්න (Photos)

භද්‍රඝට ජාතකය සිතුවම් කරමින් අඩි 40ක තොරණක් නිර්මාණය කළ කාන්තාවක් පිළිබද ගොඩකවෙල ප්‍රදේශයෙන් වාර්තා වුණා.

ඇය වී.ජනනි අලුදෙනියයි. සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ දෟශ්‍ය කලාවේදී (විශේෂ) උපාධිධාරිනියක් වන ඇය දැනට චිත්‍ර ගුරුවරියක් වශයෙන් පල්ලේබැද්ද මහා විද්‍යාලයේ සේවය කරනවා. කුඩා කාලයේ සිටම චිත්‍ර කලාවට හපන්කම් දැක්වූ ඇය 2018 රාජ්‍ය සම්මාන උළෙලේදී මුද්‍රණ කලා අංශයෙන් ප්‍රථම ස්ථානය ලබා ගෙන තියෙනවා. ඒ වගේම චිත්‍ර ප්‍රදර්ශන විශාල සංඛ්‍යාවකට චිත්‍ර ඉදිරිපත් කර ඇති බවත් වාර්තා වුණා.

ජනනි එක් දරු මවක්. බොහෝ රාජකාරී මධ්‍යයේ මාසයක් වැනි කෙටි කාලයකින් මෙම තොරණ සිතුව්ම් කරන්න ඇයට පුළුවන් වෙලා තියෙනවා.

මෙම තොරණ රූප රාමු 08කින්, අමතර චිත්‍ර 04කින් සහ පාදම කොටසින් සමන්විත වෙනවා. පත්මසිරි මහතා විසින් විදුලි ආලෝකකරණය සිදු කරනු ලබනවා. තොරණ සදහා මුල්‍යම දායකත්වය දරන්නේ චතුරංග ජේ විතාරණ විසින්.

වීඩියෝව මෙතැනින් බලන්න

https://fb.watch/s5B4pYjmTh

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!