ලංකාවේ කර්මාන්ත වැසෙනා ගිවිසුමක් ගැන සජිත් තොරතුරු හෙළිකරයි .

මෙරට ප්‍රධානම පෙළේ ඇඟැළුම් නිෂ්පාදන ආයතනයක් තමන්ගෙ කර්මාන්ත ශාලා වසා දැමීමට ගෙන තිබෙන තීරණය නිසා විශාල පිරිසකට රැකියා අහිමි වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේ දී පැවසීය.

මේ තත්ත්වයට හේතුව ඉන්දු ඇමරිකා නව බදු ගිවිසුම බවත්, ඒ හේතුවෙන් ලංකාවේ කර්මාන්ත සහ අපනයනයන් අවදානම් සහගත තත්ත්වයකට පත්වෙමින් පවතින බවත් ඔහු පැවසීය . වැඩි දුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙසේ පැවසීය .

‘ඇමරිකාව සහ ඉන්දියාව අතර ගිවිසුමක් අත්සන් කර තිබෙනවා. ඒ ගිවිසුම මගින් ඇමරිකාව ඉන්දියාවට පනවා තිබූ 50% බද්ද 18% දක්වා අඩු වෙනවා. අපි රජයට කිව්වා කොයි මොහොතක භූ දේශපාලනය තුළ ඔය බද්ද අඩුවෙනවා කියලා.

දැන් අපේ අපනයනකරුවන්ට වෙන්නේ මොකක්ද. අපේ බද්ද සියයට දෙකක් වැඩියි. මේ සම්බන්ධයෙන් ඒ.කේ.ඩී බ්‍රෑන්ඩ් එක මොකක්ද ගන්න පියවර. ඒ විතරක් නෙමෙයි අද කර්මාන්තශාලා වහන්න සැලසුම් කරලා තියෙනවා. ප්‍රධානම පෙළේ ආයතනයක් තමන්ගෙ ඇඟැළුම් කර්මාන්තශාලා වෙනත් රටවල ආරම්භ කරන්න යනවා . මේ තත්ත්වය රටතුළ බරපතළ අර්බුදයක් නිර්මාණය කරනා බව අපි කලක සිට පෙන්වා දෙනවා ‘