ලංකාවේ ආර්ථිකය ගැන ලෝක බැංකුවේ අප්‍රසාදය පළවේ

ශ්‍රී ලංකාවේ දියාරූ දේශපාලන තත්ත්වය රටේ ආර්ථික දැක්ම සඳහා සැලකිය යුතු අවිනිශ්චිතතාවයක් ඇති කරන බව ලෝක බැංකුව ඒ පිළිබඳ සිය අප්‍රසාදය පළ කරමින් පවසයි.

ණය තිරසරභාවය යථා තත්ත්වයට පත් කිරීම සදහා බාහිර මෙන්ම ඇතැම් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම ද අවශ්‍ය වනු ඇති බව ද ලෝක බැංකුව පෙන්වා දෙයි.

ඔවුන් සිය නවතම වාර්තාව මඟින් පෙන්වා දී ඇත්තේ 2023 වර්ෂය තුළ මෙරට ආර්ථිකය සියයට 4.3කින් හැකිලෙනු ඇති බවට ය.

ජාත්‍යන්තර හවුල්කරුවන්ගේ මුල්‍යකරණයේ සහය ඇතිව රජයේ ප්‍රතිසංස්කරණ වැඩසටහන ශක්තිමත් සහ ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම තුළින් ආර්ථිකය යහපත්ව පවත්වා ගැනීමට හැකියාව පවතින බව ලෝක බැංකුව පෙන්වාදෙයි.

2021 සහ 2022 වර්ෂවල ලක්ෂ 27කට වැඩි පිරිසකගේ රැකියා අහිමි වී ඇති අතර ලක්ෂ 27ක් දරිද්‍රතාවයට ඇද වැටී ඇති බව ලෝක බැංකුව නිකුත් කළ වාර්තාවේ සඳහන්ය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *