ලංකාවෙන්ම උසස් පෙළ ඉහළම ලෙස සමත්වූ පිරිස මෙන්න

උසස් පෙළ විභාගයෙන් දිවයිනේ ප්‍රථම ස්ථාන ලබාගත් සිසුන් නිවේදනය කර තිබෙනවා.

ජෛව විද්‍යා අංශයේ ප්‍රථම ස්ථානය ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ පහන්මා උපනි ලෙනෝරා ද ගණිත අංශයෙන් පළමු ස්ථානය කොළඹ ආනන්ද විද්‍යාලයේ ඩව්. ඒ. චිරාත් නිරෝධ ද කලා විෂය ධාරාවේ ප්‍රථම ස්ථානය ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ටසුන් රිත්මික විතානගේ ද ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් ප්‍රථම ස්ථානය ගිනිගත්හේන මධ්‍ය මහා විද්‍යාලයේ මුල්විල රාලලාගේ ශෙහානි නවෝද්‍යා මුල්විලගේ ද වාණිජ විෂය ධාරාවෙන් පළමු ස්ථානය පානදුර බාලිකා මහා විද්‍යාලයේ ශෙහාරා සිතුමිණි පුංචිහේවා සිසුවිය ද ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය ධාරාවෙන් ප්‍රථම ස්ථානය ඇහැළියගොඩ මධ්‍ය මහා විද්‍යාලයේ කිරුලු සිහිල්දිය පල්ලියගුරු ද හිමිකර ගනු ලැබුවා,

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!