රූ රැජිනියෝ දළදාව වඳින්න එති

ලෝක සංචාරක රූ රැජින තරගාවලියට සහභාගි වන තරඟකාරිනියෝ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටින අතර තුර මහනුවරට පැමිණ පසුගියදා ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාව නැරඹීමට එක්ව සිටියහ.

“ශ්‍රී ලංකාව ඉතා සුන්දර රටකි, ආගන්තුක සත්කාරයට දැඩි ලෙස අවධාරණය කරන ඉතා ආකර්ශනීය සංස්කෘතියක් ගැන වර්ණනා කරයි. අපට මේ රට ගැන විශාල ගෞරවයක් ඇත,” යනුවෙන් ඔවුන් ශ්‍රී ලංකාව පිළිබඳ ප්‍රසාදයෙන් කතා කළ බව වාර්තා වේ.

ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා රටවල් 30ක් නියෝජනය කරමින් ‘මිස් වර්ල්ඩ් ටුවරිසම්’ තරඟාවලියට සහභාගී වන තරුණියන් පිරිසක් මෙලෙස මහනුවර දළදා මාලිගාව වන්දනා කර ඇත.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *