රුසියාව බටහිර රටවල සමාගම් සතු වත්කම් පවරාගනී.

රුසියානු රාජ්‍යය ප්‍රංශ යෝගට් නිෂ්පාදක සමාගමක් වන ඩැනෝන් සහ රුසියානු අනුබද්ධ බීර සමාගමක් වන කාල්ස්බර්ග් සමාගමේ දේශීය බීර නිෂ්පාදනයේ කොටස් පාලනය කිරීමට තීරණය කර ඇත. මීට අදාල ලේඛණ සඳහා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් අත්සන් තබා ඇතිබව වාර්තා වේ .

මේ අනුව ප්‍රංශ හවුල්කාර ඩැනෝන් සමාගමේ සහ කාල්ස්බර්ග් බීර නිපදවන බල්ටිකා බෲවරීස් හි විදේශ කොටස් හිමිකාරීත්වය රජයේ දේපල ඒජන්සියක් වන Rosimushchestvo හි “තාවකාලික කළමනාකරණය” යටතට පත් කරන බව පුටීන් විසින් අත්සන් තබන ලද නිවේදනයේ කියවේ.

පසුගිය වසරේ පෙබරවාරි 24 දා මොස්කව් පලනය සිය යුක්රේන ප්‍රහාරය දියත් කිරීමෙන් පසු විදේශයන්හි රුසියානු සමාගම්වල වත්කම් තහනම් කිරීම සිදු විය. ඊට ප්‍රතිචාර ලෙස රුසියවේ ක්‍රියාත්මක බටහිර සමාගම්වල වත්කම් පවසාගන්නා බව රුසියාව කලක සිට අනතුරු අඟවමින් සිටිති.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *