හෝමූස් සමුද්‍රසන්ධියේ නාවික ගමනාගමනයට අවහිර සිදුවීමත් සමග ලෝක බොරතෙල් සැපයුම් මාර්ග අවහිරව ඇත . එම හේතුවෙන් රුසියානු බොර තෙල් සඳහා ඇති ඉල්ලුම ඉහළ ගොස් අතිබව වාර්තා වේ.
ඒ අනුව රිසියානු සැපයුම්කරුවන් විසින් ඉන්දීය වරායන් වෙත සැපයෙන රුසියාවේ නිෂ්පාදිත ‘යුරල්’ (Urals) බොරතෙල් මිල, ඉතිහාසයේ ප්‍රථම වතාවට ජාත්‍යන්තර බ්‍රෙන්ට් (Brent) දර්ශකයේ මිල අභිබවා ගොස් ඇති බව වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසයි .
පසුගිය සතියේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන ඉන්ධන ප්‍රවාහන කටයුතු අඩාල වීම හේතුවෙන් ජාත්‍යන්තර බ්‍රෙන්ට් තෙල් මිල 25% කින් ඉහළ ගොස් ඇත . ඒ අනුව මේවන විට බ්රෙන්ම්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් ඇමරිකානු ඩොලර් 89 ක් දක්වා දක්ව ඉහළ ගොස් ඇත . එහෙත් එම මිල ඉහළ යාම අභිබවා යමින් ඉන්දියවේ වරායන් වෙත සැපයෙන රුසියානු යුරල් බොරතෙල් මිල 50% කින් ඉහළ ගොස් ඇත . මෙම තත්ත්වය නිසා ඉන්දියාවට ලඟදීම තෙල් මිල ඉහළ දැමීමට සිදුවනු ඇති බව එරට ආරංචිමාර්ග පවසයි .
කෙසේ වෙතත් තෙල් මිල ඉහළ යාමට සාපේක්ෂව රුසියානු තෙල් අපනයනකරුවන්ගේ ලාභය ඉහළ ගොස් නැත . ඊට හේතුව ප්‍රවාහන ගාස්තු කැපී පෙනෙන ලෙස ඉහළ යාමය .