රාජ්‍ය සේවකයන්ට බෝනස් ගෙවන්නට ආණ්ඩුවෙන් කොන්දේසියක්.

රාජ්‍ය ආයතන කාර්ය මණ්ඩළ සඳහා 2023 වසරට අදාලව ප්‍රසාද දීමනා ගෙවිය යුත්තේ 2022 මුදල් වර්ෂය තුළ යම් ආයතනයක් ලාභ උපයා ඇත්නම් පමනක් බව නියෝජ්‍ය මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසයි. ඊට අමතරව ප්‍රසාද දීම් සඳහා බදු ගෙවීමෙන් පසු ලාභයෙන් අවම වශයෙන් 30%ක් ලාභාංශ ලෙස ගෙවා ඇත්නම් පමණක් බව රජය නිවේදනය කරයි

මෙම ආයතන 2022 මූල්‍ය වර්ෂය තුළ ලාභ උපයා ඇති නමුත් බදු ගෙවීමෙන් පසු ලාභයෙන් අවම වශයෙන් 30%ක් ඒකාබද්ධ අරමුදලට ලාභාංශ ලෙස ගෙවා නොමැති නම් හෝ 2022 මූල්‍ය වර්ෂය තුළ අලාභයක් වාර්තා කර ඇත්නම් ඒවාට හිමිකමක් නොමැති බව ඔහු පැවසීය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!