රාජ්‍ය සේවක වැටුප් ඉහළ දැමීම ගැන මුදල් රාජ්‍ය ඇමති සඟවන රහස

මෙවර ඉදිරිපත් කරන අයවැයෙන් රාජ්‍ය සේවකයන් සඳහා වැටුප් වැඩි කරනා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසීය. මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ පිළිබඳව උපදෙස් ලබාදී ඇතිබවත්, ඒ අනුව රාජ්‍ය සේවක වැටුප් වැඩ්කිරීම අනිවාර්‍යයෙන් සිදුවෙන බවත් ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත් රාජ්‍ය සේවක වැටුප කෙතරම් ප්‍රමාණයකින් ඉහළ දමන්නේදැයි කියා දැන්ම පැවසිය නොහැකි බවත්, ඊට හේතුව වැටුප් වැඩි කරනා ප්‍රමාණය තීරණය කරනු ලබන්නේ අයවැය ඉදිරිපත් කරන දිනට පෙර දින පවත්වනු ලබන කැබිනට් හමුවේ දී බවත් ඔහු සඳහන් කලේය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *