රාජ්‍ය පරිපාලන ඇමති බස් නැවතුමක් විවෘත කරයි .

රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න ඊයේ උදයේ දංකොටුවේදි ස්මාර්ට් බස් නැවතුම්පොළක් විවෘත කර ඇතිබව වාර්තා වේ. දංකො­ටුව නගර සීමාව තුළ මෙවැනි බස් නැවතුම්පොළ­වල් 04ක් ඉදි­කර තිබෙනවා.

දිව­යින පුරා ‘ස්මාට් බස් නැව­තු­ම්පො­ළ­වල්’ ස්ථාපිත කිරීමේ වැඩ­ස­ට­හන යටතේ මෙය ක්‍රියාත්මක වනු ඇති.

වෙන්න­ප්පුව ප්‍රාදේ­ශීය සභාවේ දංකො­ටුව කොට්ඨා­සය නියෝ­ජ­නය කරන මන්ත්‍රී කේ. එල්. ඩෙනිස් ගැමු­ණුගේ සංක­ල්ප­ය­කට අනුව ප්‍රදේ­ශයේ ව්‍යාපා­රි­ක­යන්ගේ හා දාන­ප­ති­යන්ගේ ධන පරි­ත්‍යා­යෙන් මෙම බස් නැව­තු­ම්පොළ ඉදි­කර ඇත.