රාජ්‍ය ආයතන කිහිපයක් කෝප් කමිටුවට

මෙම සතිය තුළ රාජ්‍ය ආයතන 4ක් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවීමට තීරණය කර තිබේ.

රංජිත් බණ්ඩාරගේ සභාපතීපත්වයෙන් කෝප් කමිටුව හෙට(7) රැස්වීමට නියමිතව ඇති අතර මධ්‍යම සංස්කෘතික අරමුදලේ නිලධාරීන් කමිටුව හමුවට කැඳවා තිබේ.

ඊට අමතරව හෙට දිනයේ ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාවේ නිලධාරීන් ද කැඳවා ඇති බව ද වාර්තා වේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *