රාජපක්ෂ පවුලෙන් වන්දි ඉල්ලා නඩුවක් පැවරේ.

රට තුළ මතු වී තිබෙන ආර්ථික අර්බුදයට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් වගකිවයුතු යැයි තීන්දු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නඩු තීන්දුව පදනම් කර, ඔවුන්ගෙන් වන්දි ඉල්ලා වන්දි නඩු පැවරීමට, සමස්ත ලංකා පාරිභෝගික එකමුතුව කටයුතු කරමින් සිටින බවට වාර්තා වනවා.

එවක පැවති පාලනය හා බලධාරීන් ගත් වැරදි ආර්ථික තීන්දු නිසා රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට ලබා දුන් මෙම තීන්දුව අනුව වන්දි නඩු පැවැරිය හැකි බවට දැනටමත් නීති විශාරදයන් සිය මතය පළ කර ඇති බැවින් ඒ අනුව මෙම ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව සමස්ත ලංකා පාරිභෝගික එකමුතුවේ මහලේකම් මිලින්ද ප්‍රේමරත්න පවසනවා.

මෙම නඩු පැවරීමට අදාල නීති උපදෙස් මේ වන විට ලබාගනිමින් සිටිනා බවත්, ඒ අනුව සිවිල් වාණිජ අධිකරණයක හෝ දිසා අධිකරණයක මීට අදාල නඩුව ගොනු කිරීමට නියමිත බවත් ඔහු පැවසීය .

ප්‍රමිතියෙන් බාල ගෑස් සිලින්ඩර් පුපුරා යාම නිසා සිදුවූ අනතුරුවලින් පමණක් දහදෙනෙකුට ආසන්න ගනනක් මිය ගිය බවත්, රජය එම පුද්ගකයන්ගේ යපෙන්නන්ට කිසිදු සාධාරණය ඉටු කර නැති බවට ඔහු වැඩි දුරටත් සඳහන් කළේය .

පසුගිය පාලන කාලයේදී ආර්ථික අපරාධ රැසක් සිදු වී තිබුණද ඒවාට එරෙහිව මානව හිමිකම් කොමිසම නිකුත් කළ නිර්දේශවලින් කිසිදු ඵලක් වී නැතිබව මිලින්ද ප්‍රේමරත්න
අවධාරණය කළේය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!