හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එංගලන්තයේ වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ පැවති තම බිරිඳගේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වීම සඳහා සිදුකළ සංචාරයකදී රාජ්‍ය අරමුදල් අවභාවිත කළ බවට එල්ල වන චෝදනා පිළිබඳ විමර්ශනය සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්නගේ සෘජු අධීක්ෂණය යටතේ තබා ඇත. ඔහු නීතිපති දෙපාර්තමේන්තුවේ අපරාධ අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කරයි .
මේවනවිට අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් හිටපු ජනාධිපතිවරයා සම්බන්ධ නඩුව පිළිබඳ විමර්ශනය මෙහෙයවයි.
කෙසේ වෙතත් විමර්ශනයේ පියවරක් ලෙස එක්සත් රාජධානියට ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු කණ්ඩායම විසින් පවත්වන ලද විමර්ශනයෙන් උපුටා ගැනීම් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව තවමත් නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර නොමැති බව දැනගන්නට ලැබේ.
නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහළ නිළධාරීන් මෙම නීති කෘත්‍ය පිළිබඳව මත දෙකක පිහිටා කටයුතු කරනා බව මීට පෙර වාර්තා විය.