රනිල්, මහින්ද, ඝෝඨා, දිනේෂ්, බැසිල් සිව්දෙනාටම ඉන්දියවේ රාජකීය මංගල උත්සවයකට ආරාධනා.

ඉන්දියාවේ සිටින සුපිරි කෝටිපතියකු ලෙස සැලකෙන ප්‍රකාශ් නායර්ගේ දියණියගේ විවාහ මංගලෝත්සවය එළඹෙන අගෝස්තු මාසයේ පැවැත්විමට නියමිත බව වාර්තාවේ. එම උත්සවය සඳහා සහභාගි වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, අගමැති දිනේෂ් ගුණවර්ධන, සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ හට ආරාධනා කර ඇත.

මේ සියලු ආරාධිතයන්ට ඉන්දියාවට පැමිණීම සදහා පළමු පන්තියේ ගුවන් ටිකට් පත් ලබා දීතිබීම විශේෂත්වයකි.

මෙම විවාහ මංගලෝත්සවය ලබන අගෝස්තු මාසයේදී ඉන්දියාවේ කොචින්හි පිහිටි ෂෙරටන් හෝටලයේ පැවැත්වෙන අතර, මනාළියගේ පාර්ශවය විසින් හෝටලය දින දෙකක් සඳහා වෙන්කරගෙන ඇති බව වාර්තාවේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *