රනිල් ආවොත් 200%ක් රනිල්ට – පොහොට්ටුව කිව්ව සම්පූර්ණ කතාව

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුවට සහාය දෙන පක්ෂ අතර විශේෂ හමුවක් ඊයේ (25) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වුණා.

එම අවස්තාවට සහභාගී වූ ඇමතිවරුන් ජනාධිපතිවරයා සමග විවිධ කාරණාවන් සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර බොහෝ පිරිසක් ඔවුන්ගේ අදහස් පළ කර තිබෙනවා.

පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ඉදිරි මැතිවරණයේදී පොහොට්ටුවේ අපේක්ෂකයෙක් ඉදිරිපත් නොවන්නේ නම් සියයට දෙසීයක් රනිල් වික්‍රමසිංහ ජනාධිපති කරවීමට සහාය ලබාදෙන බවත්, පොදු ජන පෙරමුණේ  අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නම් සියයට පන්සීයක් එම අපේක්ෂකයාට සහාය ලබාදෙන බවත් ප්‍රකාශ කළා.

තවද රනිල් වික්‍රමසිංහ ජනාධිපති අපේක්ෂකයා නොවන්නේ නම් පොහොට්ටුවේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා ඉදිරිපත් වනු ඇතැයි ඔවුන් විශ්වාස කරන බව තවදුරටත් කියා සිටියා.

මෙම හමුවේ දී මැයි දින උත්සවය සංවිධානය කිරීම හා ජනතාවට සංවර්ධනය ගමට රැගෙන යන ආකාරය පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා.

සාකච්ඡාවෙන් අනතුරුව පිටතට පැමිණි මන්ත්‍රීවරුන් ඔවුන්ගේ අදහස් පල කළා.

රාජ්‍ය ඇමති සුරේෂ් රාගමන් පැවසුවේ “වෙන වෙනම අපි පක්ෂ විදියට මැයි රැළි පැවැත්වුවත් රටේ ආර්ථිකය ගොඩනගන්න තමන් ජනාධිපතිවරයා සමග එකට හිට ගන්නා බවයි”.