රත්‍රං මිල යළිත් ඉහළට

දේශීය රත්‍රං මිලෙහි වැඩිවීමක් දක්නට ලැබෙන බව රන් වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි.

ලෝක රත්‍රං මිල ඩොලර් 1977 (31.10g) ලෙස සීඝ්‍ර ඉහළයෑමක් මේ වන විට සටහන් වන අතර එය පෙර දිනයට සාපේක්ෂව ඩොලර් 25ක පමණ වැඩි වීමක් බව ද වාර්තා වේ.
පසුගිය සිකුරාදා දිනයේ කැරට් 22 රන් පවුමක් රුපියල් 154,500ක් ලෙසත්, කැරට් 24ක රන් පවුමක් රුපියල් 167,000ක් ලෙසත් දැක්වුණි.

අද වනවිට කැරට් 22 රන් පවුමක් රුපියල් 157,250ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, කැරට් 24ක රන් පවුමක් රුපියල් 170,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *