රත්‍රං මිල නොනැවතී ඉහළට

ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල ඉහළ යාමට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ද විශාල වශයෙන් යළි ඉහළ ගොස් ඇති බව වෙළඳපොළ ආරංචිමාර්ග පවසයි .

අද වනවිට ලෝක රන් මිල ඩොලර් 4,150 ඉහළ ‍ගොස් ඇති අතර මෙරට රත්‍රං මිල ඊයේ දිනට සාපේක්ෂව රුපියල් 6,000කින් අද (25) දිනය වනවිට ඉහළ ගොස් ඇත . ඒ අනුව අද පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක් මිල රු. 309,200ක් ලෙස දැක්වුණි. ඊයේ දිනයේ එම මිල ගණන් දැක්වුණේ රු. 303,600ක් ලෙසය.

මේ අතර ඊයේ දිනයේ දී රු. 330,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 336,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.